ඉන්දීය ණය පහසුකම් හරහා ජල ප්‍රහාරක රථ ගෙන්වා නෑ - ඉන්දියාව


ඉන්දියාව විසින් හ්‍රී ලංකාවට ලබාදුන් ණය පහසුකම හරහා ජල ප්‍රහාරක රථ ආනයනය කර ඇති බවට පළවන වාර්තා අසත්‍ය බව ශ්‍රී ලංකාවේ ඉන්දිය මහ කොමසාරිස් කාර්යාලය පවසයි.

ඉන්දියාව විසින් ශ්‍රී ලංකාවට ලබාදුන් කිසිම ණය පහසුකමක් හරහා ජල ප්‍රහාරක රථ ආනයනය කර නොමැති බවද එම කාර්යාලය පවසයි.

ඉන්දියාව විසින් ශ්‍රී ලංකාවට ලබාදුන් ණය පහසුකම යොදා ගැනෙන්නේ ශ්‍රී ලාංකික ජනතාවට අවශ්‍ය ආහාර, බෙහෙත් හා අනෙකුත් අත්‍යාවශ්‍ය දෑ හරහා ශ්‍රී ලංකාව ජනතාවට අවශ්‍ය සහාය ලබාදිමට බවද එම කාර්යාලය පවසයි. 

 



Recommended Articles