ඉන්දීය උප ජනපති එයි


ඉන්දීය උප ජනාධිපති සී.පී.රාධා ක්‍රිශ්ණන් මහතා ශ්‍රී ලංකාවේ දෙදින නිල සංචාරයක් සදහා 04/19 දින උදෑසන කටුනායක ගුවන් තොටුපොළ වෙත පැමිණි බව ගුවන් තොටුපොළ කාර්යය භාර නිලධාරීවරයා ද සනාථ කළේය.

ඔහු සමග දූත පිරිස තවත් 49 දෙනෙකු ද පැමිණ සිටියහ. ඔවුන් 04/19 දින උදෑසන 09.30 ට ඉන්දීය ගුවන් සේවයේ INDIA - 01 දරන ගුවන් යානයෙන් කටුනායක ගුවන් තොටුපොළ වෙත පැමිණ තිබුණි.

මෙම පිරිස පිළිගැනීම සදහා ක්‍රීඩා අමාත්‍ය සුනිල් කුමාර ගමගේ මහතා ඇතුළු මැති ඇමතිවරුන් පිරිසක් ද කටුනායක ගුවන් තොටුපොළ අතිවිශේෂ අමුත්තන්ගේ මැදිරිය වෙත පැමිණ සිටියහ.



Recommended Articles