ඉන්දීය ආසාදිතයින් මන්නාරම් මුහුදට ඇතුළුවීම වැළැක්විමට සාකච්ඡාවක්


දිනෙන් දින ඉන්දියාවේ කොරෝනා ආසාදිතයින් වැඩිවීමත් සමග වයිරස් ආසාදිතයින් මන්නාරම් මුහුදු සීමාව හරහා රට තුලට ඇතුලු වීමට ගන්නා උත්සාහයන් නැවැත්වීම පිළිබඳ වූ විශේෂ සාකච්ඡාවක් මන්නාරම් දිස්ත්‍රීක් ලේකම් කාර්යාලයේදී ඊයේ (15) දින පැවැත්විණි.

නාවික හමුදාවේ ජ්‍යෙෂ්ඨ  නිලධාරීන් පොලීසිය හා රාජ්‍ය නිලධාරීන් මෙන්ම  සෞඛ්‍ය නිලධාරීන්ගේ සහභාගීත්වයෙන් මන්නාරම් දිසාපති සී.ඒ. මෝහන්රාස් මහතාගේ ප්‍රධානත්වයෙන් මෙම විශේෂ සාකච්ඡාව පැවැත්විය.

එහිදී මන්නාරම හා තලෙයි මන්නාරම් මුහුදු සීමාවේ ආරක්ෂාව තර කොට ඇති අයුරු පිළිබඳව නාවික හමුදා නිලධාරීන් විසින් සාකච්ඡාවට සහභාගී වී සිටි පිරිස් දැනුවත් කල අතර ඉන්දියාවේ සිට කිසිදු අයෙකුට මන්නාරම් මුහුදු කලාපය හරහා රට තුලට ඇතුලු වීමට නොදීමට හැකි සියලු පියවර ගෙන ඇති බවට නාවික හමුදාව වැඩිදුරටත් පැවසීය.

ඉන්දියාවට ආසන්නයේන්ම පිහිටා ඇත්තේ තලෙයිමන්නාරම් මුහුදු කලාපය බැවින් ඒ හරහා ධීවරයින් වෙස්ගෙන රට තුලට ඇතුල්වීමට ඉන්දියානුවන් උත්සාහ කරන බැවින් ප්‍රාදේශීය ලේකම් කාර්යාල හරහා මන්නාරම් ධීවරයින්ද ඒ පිළිබඳව දැනුවත් කල යුතු බවට පොලීසිය හා රාජ්‍ය නිලධාරීන් මෙන්ම සෞඛ්‍ය නිලධාරීන් වැඩිදුරටත් සාකච්ඡා කළේය.



Recommended Articles