තෙදින නිල සංචාරයක් ශ්‍රී ලංකාවට පැමිණි ඉන්දීය ආරක්ෂක අමාත්‍ය රාජ්නාත් සිං මහතා, ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා හමුවී හෙට (09) සාකච්ඡා පැවැත්වීමට නියමිතය. මෙහිදී දෙරට අතර ගිවිසුම් තුනකට අදාළ අවබෝධතා අත්සන් කර ගැනීමට නියමිතය.
රාජ්නාත් සිං මහතා අද සිට ලබන 10වැනිදා දක්වා ශ්‍රී ලංකාවේ නිල සංචාරයක නිරත වීමට නියමිතය. ඉන්දීය ආරක්ෂක අමාත්‍යවරයකු මෙලෙස ශ්‍රී ලංකාවේ නිල සංචාරයක නිරත වන්නේ වසර 38කට පසුව වීම විශේෂත්වයකි.

