ඉන්දීය ආරක්ෂක ඇමති ලබන මස දිවයිනට


ශ්‍රී ලංකා – ඉන්දියා ද්විපා­ර්ශ්­වික ආර­ක්ෂක සහ­යෝ­ගි­තාව ශක්ති­මත් කිරීමේ අර­මු­ණින් ඉන්දීය ආර­ක්ෂක ඇමැති රාජ්නාත් සිං මහතා ලබන මස 9 සහ 10 දෙදින මෙරට නිල සංචා­ර­ය­කට එක්වී­මට නිය­මි­තය.

මෙම සංචා­රයේදී ඉන්දි­යන් සාගර කලා­පයේ සමු­ද්‍රීය ආර­ක්ෂාව පිළි­බ­ඳව ප්‍රධාන වශ­යෙන් අව­ධා­නය යොමු කෙරෙනු ඇතැයි අපේක්ෂා කෙරෙන බව ඉන්දීය ආර­ක්ෂක අමා­ත්‍යාං­ශය පව­සයි.

මෙම සංචා­රයේ දී රාජ්නාත් සිං මහතා ජනා­ධි­පති සහ ආර­ක්ෂක ඇමැති අනුර කුමාර දිසා­නා­යක, අග­මැ­තිනි ආචාර්ය හරිනි අම­ර­සූ­රිය සහ ආර­ක්ෂක අමා­ත්‍යාං­ශයේ ලේකම් එයාර් වයිස් මාර්ෂල් (විශ්‍රා­මික) සම්පත් තුයි­ය­කොන්තා යන මහත්ම මහ­ත්මීන් හමුවී සාකච්ඡා පැවැ­ත්වී­මට නිය­මි­තය.

මෙම සාක­ච්ඡා­ව­ලදී 2025 අප්‍රේල් 5 වැනිදා ඉන්දීය අග­මැති නරේන්ද්‍ර මෝදි මහ­තාගේ කොළඹ සංචා­රය අත­ර­තුර අත්සන් කරන ලද “ඉන්දු – ශ්‍රී ලංකා ආර­ක්ෂක සහ­යෝ­ගීතා අව­බෝ­ධතා ගිවි­සුම” (MoU) පූර්ණ හා කාලෝ­චිත ලෙස ක්‍රියා­ත්මක කිරීම පිළි­බ­ඳව සමා­ලෝ­ච­නය කෙරෙන අතර වසර පහක කාල­යක් සඳහා වලංගු මෙම ගිවි­සුම, දෙරට අතර ආර­ක්ෂක සහ­යෝ­ගී­තාව සම්බ­න්ධ­යෙන් අත්සන් කරන ලද ප්‍රථම පුළුල් අව­බෝ­ධතා ගිවි­සුම වේ.

 



Recommended Articles