ඉන්දීය අගමැති මාර්තු මස ලංකාවට


ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි මහතා එළැඹෙන මාර්තු මාසයේදී ශ්‍රී ලංකාවට පැමිණීමට නියමිත බව වාර්තා වෙයි. බිම්ස්ටෙක් සමුළුව මාර්තු මාසයේදී ශ්‍රී ලංකාවේ පැවැත්වීමට නියමිත අතර ඒ සඳහා එක්වීමට ඉන්දීය අග්‍රාමාත්‍යවරයා මෙසේ ශ්‍රී ලංකාවට පැමිණීමට නියමිතව තිබේ.

විදේශ අමාත්‍ය ජී.එල්. පීරිස් මහතා ඉන්දියාවේ කළ සංචාරයේදී ඉන්දීය විදේශ අමාත්‍ය එස්. ජයශංකර් මහතා හා පැවැති හමුවේදීද මේ පිළිබඳව සාකච්ඡා වී තිබේ.

එසේම මාර්තු මාසයේදී ශ්‍රී ලංකාවේ සංචාරයකට එක්වන ලෙස ඉන්දීය විදේශ අමාත්‍යවරයාට ජී.එල්. පීරිස් මහතා ආරාධනා කර තිබේ.



Recommended Articles