ඉන්දියාවේ සිටි 53ක් දිවයිනට


ඉන්දියාවේ තමිල්නාඩු ප්‍රාන්තයේ රැදී සිටි ශ්‍රී ලාංකිකයන් 53 දෙනෙකු අද (17දා) අලුයම, ශ්‍රී ලන්කන් ගුවන් සේවයේ විශේෂ ගුවන් යානයක් මගින් චෙන්නායි නුවර සිට කටුනායක ගුවන් තොටුපළ වෙත පැමිණියේය.

වැඩිහිටි ගුවන් මගීන් 51 දෙනෙකු සහ කුඩා ළමුන් 02 දෙනෙකුගෙන් සමන්විත මෙම ගුවන් මගීන් පිරිස , කටුනායක ගුවන් තොටුපළ වෙත පැමිණීමෙන් පසුව, කොරෝනා වසංගත රෝග තත්වය අනාවරණය කර ගැනීම සදහා පී.සී.ආර්. පරීක්ෂණ වලට ද භාජනය කෙරුණි.

එම පරීක්ෂණ වල ප්‍රතිඵල ලැබෙන තෙක් , මෙම ගුවන් මගීන් පිරිස කටුනායක ගුවන් තොටුපළ අවට හෝටල් කීපයක තාවකාලිකව නවාතැන් ගැනීමට පහසුකම් සළසා දී තිබුණි.

 



Recommended Articles