ඉන්දියාවේ සිටි 194ක් දිවයිනට


ශ්‍රී ලංකාවට පැමිණීමට නොහැකිව ඉන්දියාවේ රැදී සිටි ලාංකිකයන් 194ක් අද (20දා) දිවයිනට පැමිණියේය.

ඒ අනුව තමිල්නාඩුවේ සිටි ශ්‍රී ලාංකිකයන් 150 දෙනෙකු රැගෙන ශ්‍රී ලන්කන් ගුවන් සේවයේ විශේෂ ගුවන් යානයක් චෙන්නායි සිට අද අලුයම කටුනායක ගුවන් තොටුපළ වෙත පැමිණියේය.

එසේම ඉන්දියාවේ මහාරාෂ්ට්‍ර ප්‍රාන්තයේ රැදී සිටි ශ්‍රී ලාංකිකයන් 44 දෙනෙකු මුම්බායි සිට  ශ්‍රී ලන්කන් ගුවන් සේවයේ විශේෂ ගුවන් යානයකන් රැගෙන ආවේය.

මෙම ගුවන් මගීන් පිරිස කටුනායක ගුවන් තොටුපළ තුළ දී පී.සී.ආර්.පරීක්ෂණ සදහා ලක් කෙරුණි.

ඉන් අනතුරුව ඔවුන් නිරෝධානය ක්‍රියාවලියක් සඳහා හෝ ප්‍රතිකාර ලැබී ගැනීමට නියමිතය.



Recommended Articles