ඉන්දියාවේ සිටි නාවිකයන් පිරිසක් දිවයිනට


ගාල්ල වරායේ නැංගුරම් ලා ඇති නැවක සේවය කිරීම සදහා , ඉන්දීය ජාතික නාවිකයන් 58 දෙනෙකු චෙන්නායි නුවර සිට පැමිණෙන ස්පයිස් ජෙට් ගුවන් සේවයේ විශේෂ ගුවන් යානයකින් අද (18)  දින රාත්‍රී කටුනායක ගුවන් තොටුපළ වෙත පැමිණ තිබේ .

මෙම ගුවන් මගීන් පිරිස ඉන්දියාවේ චෙන්නායි නුවර සිට පැමිණි ස්පයිස් ජෙට් ගුවන් සේවයේ එස්.ජී.- 9667 දරන විශේෂ ගුවන් යානයෙන් අද  දින රාත්‍රී 7.12 ට කටුනායක ගුවන් තොටුපළ වෙත පැමිණ තිබේ.

ඔවුන් ගුවන් තොටුපළ වෙත පැමිණීමෙන් පසුව ,කොළඹ ලංකා හොස්පිටල් රෝහලේ කාර්යය මණ්ඩලයේ පිරිසක් විසින් පී.සී.ආර්. පරීක්ෂණ සදහා ලක් කිරීමට ගුවන් තොටුපළ වෙත පැමිණ සිටිති .

එම පරීක්ෂණ වල ප්‍රතිඵල ලැබෙන තෙක් මෙම ගුවන් මගීන් පිරිස කටුනායක ගුවන් තොටුපළ අවට හෝටල් කීපයක තාවකාලිකව නවාතැන් ගැනීමට නියමිතය .



Recommended Articles