ඉන්දියාවේ සිට ශ්‍රී ලාංකිකයන් පිරිසක් කටුනායකට


කටුනායක ටී.කේ.ජී.කපිල

ශ්‍රී ලංකාවට පැමිණීමට නොහැකිව ඉන්දියාවේ රැදී සිටි ශ්‍රී ලාංකිකයන් 63 දෙනෙකු රැගෙන ශ්‍රී ලන්කන් ගුවන් සේවයේ විශේෂ ගුවන් යානයක් 7/01 දින සවස චෙන්නායි නුවර සිට කටුනායක ගුවන් තොටුපළ වෙත පැමිණ ඇත.

ශ්‍රී ලන්කන් ගුවන් සේවයේ යූ.එල්. - 1026 දරන විශේෂ ගුවන් යානයෙන් ඉන්දියාවේ චෙන්නායි නුවර සිට 7/01 දින සවස 5.00 ට මෙම ගුවන් මගීන් පිරිස කටුනායක ගුවන් තොටුපළ වෙත පැමිණ තිබුණි .

කටුනායක ගුවන් තොටුපළ වෙත මෙම මගීන් පිරිස පැමිණි පසු , එහිදී පී.සී.ආර්.පරීක්ෂණ ද සිදු කරනු ලැබීය .

ඊට අමතරව 7/01 දින දහවල් 10.10 මාලදිවයින මාලේ නුවර සිට පැමිණි ශ්‍රී ලන්කන් ගුවන් සේවයේ යූ.එල්.- 102 දරන විශේෂ ගුවන් යානයෙන් එරට රැදී සිටි තවත්  ශ්‍රී ලාංකිකයන් 08 දෙනෙකු කටුනායක ගුවන් තොටුපළ වෙත රැගෙන පැමිණ තිබුණි .



Recommended Articles