ඉන්දියාවේ සිට ශ්‍රී ලාංකිකයන් පිරිසක් කටුනායක ගුවන් තොටුපළට


ඉන්දියාවේ රැදී සිටි ශ්‍රී ලාංකිකයන් 110 දෙනෙකු රැගෙන ශ්‍රී ලන්කන් ගුවන් සේවයේ විශේෂ ගුවන් යානයක් 8/24 දින පස්වරුවේ කටුනායක ගුවන් තොටුපළ වෙත පැමිණ තිබේ .

ඉන්දියාවේ නවදිල්ලි නුවර සිට 8/24 දින පස්වරු 2.40 ට ශ්‍රී ලන්කන් ගුවන් සේවයේ යූ.එල්.- 1192 දරන විශේෂ ගුවන් යානය කටුනායක ගුවන් තොටුපළ වෙත පැමිණ තිබුණි .

මෙම ගුවන් මගීන් කටුනායක ගුවන් තොටුපළ වෙත පැමිණි පසුව පී.සී.ආර්.පරීක්ෂණ සදහා යොමු කර තිබුණි .

කටුනායක ටී.කේ.ජී.කපිල



Recommended Articles