ඉන්දියාවේ සිට ලාංකිකයන් පිරිසක් මත්තල ගුවන් තොටුපළට


ශ්‍රී ලංකාවට පැමිණීමට නොහැකිව ඉන්දියාවේ රැදී සිටි ශ්‍රී ලාංකිකයන් 123 දෙනෙකු විශාඛාපට්නම් නුවර සිට පැමිණි ශ්‍රී ලන්කන් ගුවන් සේවයේ විශේෂ ගුවන් යානයකින් අද (8) දින දහවල් මත්තල ගුවන් තොටුපළ වෙත පැමිණ තිබේ .

මොවුන් අද දින දහවල් 2.00 ට ඉන්දියාවේ විශාඛාපට්නම් ගුවන් තොටුපළේ සිට පැමිණි ශ්‍රී ලන්කන් ගුවන් සේවයේ යූ.එල්.- 1160 දරන ගුවන් යානයෙන් මත්තල ගුවන් තොටුපළ වෙත පැමිණ තිබුණි .

මෙම ගුවන් මගීන් පිරිස මත්තල ගුවන් තොටුපළ වෙත පැමිණි පසුව ,පී.සී.ආර්.පරීක්ෂණ වලට යොමු කෙරුණි .

 



Recommended Articles