ඉන්දියාවේ සිට ලාංකිකයන් පිරිසක් දිවයිනට


ශ්‍රී ලංකාවට පැමිණීමට නොහැකිව ඉන්දියාවේ රැදී සිටි ශ්‍රී ලාංකිකයන් 66 දෙනෙකු , මෙරට රජයේ විශේෂ අවසරය මත විශේෂ ගුවන් යානයකින් අද දින උදෑසන කටුනායක ගුවන් තොටුපළ වෙත පැමිණ තිබුණි .

ඔවුන් ඉන්දියාවේ මුම්බායි නුවර සිට අද දින උදෑසන 8.50 ට පැමිණි ශ්‍රී ලන්කන් ගුවන් සේවයේ යූ.එල්.- 1042 දරන විශේෂ ගුවන් යානයෙන් කටුනායක ගුවන් තොටුපළ වෙත පැමිණ තිබුණි .

ගුවන් තොටුපළ වෙත මෙම පිරිස පැමිණීමෙන් පසුව පී.සී.ආර්.පරීක්ෂණ වලට ලක් කිරීමෙන් පසුව , ශ්‍රී ලංකා යුධ හමුදාව විසින් නීරෝධායන කටයුතු සදහා මොවුන් රැගෙන ගොස් තිබේ .

 



Recommended Articles