ඉන්දියාවේ සිට මුහුදු මාර්ගයෙන් රැගෙන ආ ලක්ෂ 7ක පමණ වටිනා මුහුදු කුඩැල්ලන් තොගයක් තලේමන්නාරම මුහුදු සිමාවේදි නාවික හමුදාව අත්අඩංගුවට ගෙන මන්නාර ධිවර අධ්‍යක්ෂ කාර්යාලයට ඊයේ දින සවස භාර දීමට කටයුතු කර තිබුනී.
උතුරු මැද නාවික විදානයට අයත් නාවික නවුකා තම්මැන්නා කදවුරට අයත් නාවික යාත්‍රාවක් මගින් තලේමන්නාරම මුහුදු සිමාවේදි මෙම අත්අඩංගුවට ගැනිම සිදුකර තිබුනී.
මුහුදු මාර්ගයෙන් නීතිවිරෝධි අයුරින් මෙසේ ඉන්දියාවේ සිට ධිවර යාත්‍රා දෙකක් උපයෝගි කර ගනිමින් රැගෙන එමින් තිබු මුහුදු කුඩැල්ලන් කිලෝ 1100 ක ප්‍රමාණයක් සමග සැකකරුවන් සිව් දෙනෙකු මෙසේ අත්අඩංගුවට ගෙන තිබුනී.
අත්අඩංගුවට ගත් සැකකරුවන් කල්පිටිය හා සිලාවතුර පදිංචිකරුවන් බව කියයි.
අදාල සැකකරුවන් ධිවර යාත්‍රා දෙක හා මුහුදු කුඩැල්ලන් තොගය මන්නාරම ධිවර කාර්යාලයට භාර දී තිබුනී.
ඒ අනුව අත්අඩංගුවට ගත් සැකකරුවන් හා මුහුදු කුඩැල්ලන් සම්බන්ධව පරික්ෂණ කිරිමේන් පසුව මන්නාර අධිකරණයට ඉදිරිපත් කිරිමට කටයුතු කරන බව මන්නාර ධිවර අධ්‍යක්ෂ සරත් චන්ද්‍රනායක මහතා ඇතුළු නිලධාරින් ඉදිරි පරික්ෂණ අරඹා තිබේ .

