ඉන්දියාවේ සිට පැමිණි තවත් පිරිසක් යාපනයේ


‍ඉන්දියාවේ සිට නීති විරෝධී ලෙස ශ්‍රී ලංකාවට පැමිණ යාපනය ගුරුනගර් ප්‍රදේශයේ නිවසක රැදී සිටි පුද්ගලයන් 4ක් හමුවූ බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා කියයි.

පසුගිය 07 දා මෙසේ ශ්‍රී ලංකාවට පැමිණ ඇත්තේ 61 හැවැරිදි කාන්තාවක්, 34 හැවැරිදි ඇගේ දියණිය හා අවුරුදු 9 හා 5ක් වයසැති එම දියණියගේ පිරිමි දරුවන් දෙදෙනෙකි.

ඔවුන් රාමේෂ්වරම් සිට ධීවර බෝට්ටවකින් පිටත්වී මන්නාරමට පැමිණි බව ප්‍රකාශ කර තිබේ. ඉන්දියාවේ පවතින කොවිඩ් වසංගත තතත්තවය යටතේ ඔවුන් මෙසේ ශ්‍රී ලංකාවට පැමිණ තිබේ.

ඔවුන් රැදී සිටින ගුරුනගර නිවසට පොලිස් ආරක්ෂාව ලබාදී ඇති අතර ඔවුන්ව නිරෝධායනයට ලක්කර තිබේ. අද දිනයේදී ඔවුන් පී.සී.ආර්. පරීක්ෂණයට ලක්කිරීමට නියමිතය.

යාපනය පොලීසිය මේ පිළිබඳ විමර්ශන කරන අතර ඔවුන් පසුගිය යුද සමයේදී ශ්‍රී ලංකාවෙන් පිටත්ව ඉන්දියාවට ගොස් ඇති බවට තොරතුරු වාර්තා වී තිබේ.



Recommended Articles