ඉන්දියාවේ සිට නාවිකයින් 86 දෙනෙකු දිවයිනට


ඇවන්ගාඩ් සමාගමට අයිති නැවක කාර්යය මණ්ඩලය මාරු කිරීම සදහා ඉන්දියාවේ මුම්බායි සිට විශේෂ ගුවන් යායානයකින් නාවිකයන් 86 දෙනෙකු අද (6)  දින රාත්‍රී කටුනායක ගුවන් තොටුපළ වෙත ගෙනැවිත් තිබේ .

මෙම පිරිස ඉන්දියාවේ මුම්බායි සිට පැමිණි ස්පයිස් ජෙට් ගුවන් සේවයට අයත් එස්.ජී.- 9067 දරන ගුවන් යානයෙන් අද  දින රාත්‍රී 8.00 ට කටුනායක ගුවන් තොටුපළ වෙත පැමිණ තිබුණි .

ගුවන් තොටුපළ වෙත පැමිණීමෙන් පසුව , මෙම පිරිස පී.සී.ආර්.පරීක්ෂණ සදහා භාජනය කෙරෙන අතර , ඉන්පසුව ඔවුන් නීරෝධායන කටයුතු සදහා (Ozo Hotel ) හෝටලයක් වෙත යොමු කිරීමට නියමිතය .

 



Recommended Articles