ඉන්දියාවේ අහමදාබාද් සිට කටුනායකට සෘජු ගුවන් ගමනක්


ඉන්දියාවේ , අහමදාබාද් නුවර සිට ශ්‍රී ලංකාවේ කටුනායක ගුවන් තොටුපොළ වෙත ,  ඍජු ගුවන් ගමන් සේවා ආරම්භ කරමින් , ප්‍රථම මංගල ගුවන් යානය ( Inogaral Flight ) 06/19 දින පස්වරුවේ කටුනායක ගුවන් තොටුපොළ වෙත පැමිණියහ .

ෆිට්ස් එයාර් ගුවන් සේවයට අයත් 8.ඩී.- 964 දරන මෙම ගුවන් යානය 06/19 දින පස්වරු 02.10 ට කටුනායක ගුවන් තොටුපොළ පැමිණියේය .

මෙම ප්‍රථම මංගල ගුවන් ගමන සදහා ඒ.- 320 වර්ගයේ  ගුවන් යානයක් , ෆිට්ස් එයාර් ගුවන් සේවය විසින් යොදවා තිබූ අතර , එහි මගීන්  සහ ගුවන් යානා කාර්යය මණ්ඩලය 168 දෙනෙකු පැමිණ සිටියහ .

ගුජරාට් ප්‍රාන්තයේ ප්‍රධාන නගරය වන අහමදාබාද් නුවර සිට කටුනායක ගුවන් තොටුපොළ වෙත පැමිණීමට මීට පැය 10 ක ගුවන් ගමනක යෙදීමට සිදු වී තිබූ අතර , එය මෙම නව ගුවන් සේවය මගින් එය පැය 02 විනාඩි 50 දක්වා අඩු කිරීමට සමත් වී තිබේ .

මින් පසු මෙම ගුවන් යානා සතියේ සදුදා , බදාදා සහ සිකුරාදා යන දින වල අහමදාබාද් සහ කටුනායක ගුවන් තොටුපොළ අතර ක්‍රියාත්මක වීමට නියමිතය .



Recommended Articles