ඉන්දියාවෙන් ලංකාවට පරිත්‍යාගයක්


ශ්‍රී ලංකාවේ පැතිරමින් පවතින කොවිඩ් - 19 වසංගත රෝගී තත්ත්වයේ දී භාවිතා කළ හැකි ඖෂධ වර්ග 3,668 ක් ඉන්දීය රජයේ පරිත්‍යාගයක් ලෙස රැගෙන , ඉන්දීය ගුවන් සේවයේ භාණ්ඩ ප්‍රවාහන ගුවන් යානයක් අද (8)  දින පස්වරුවේ කටුනායක ගුවන් තොටුපළ වෙත පැමිණියේය .

මෙම ඖෂධ තොගය රැගෙන අද  දින පස්වරු 2.36 ට ඉන්දියාවේ නවදිල්ලි නුවර සිට , ඉන්දීය ගුවන් සේවයේ ඒ.අයි.- 281 දරන ගුවන් යානය කටුනායක ගුවන් තොටුපළ වෙත පැමිණ තිබුණි .

මෙම ඖෂධ තොගය ගුවන් යානයෙන් ගොඩබෑමෙන් පසු , ඉන්දීය ගුවන් සේවයේ නිලධාරීන් විසින් ශ්‍රී ලංකා සෞඛ්‍ය අමාත්‍යාංශයේ නිලධාරීන් වෙත භාරදීමට පියවර ගත්හ .



Recommended Articles