ඉන්දියාවෙන් ත්‍යාගයක් ලෙස සමුද්‍ර නිරීක්ෂණ ගුවන් යානයක්


ඉන්දියාව විසින් ශ්‍රී ලංකාවට පරිත්‍යාග කරන ලද සමුද්‍ර නිරීක්ෂණ ගුවන් යානය අද (15දා) දහවල් 12.20 ට කටුනායක ගුවන් හමුදා කදවුර වෙත පැමිණියේය.

ඩෝනියර් වර්ගයේ මෙම ගුවන් යානය මගින් ඉලෙක්ට්‍රොනික යුද මෙහෙයුම් , සමුද්‍ර නිරීක්ෂණ කටයුතු සහ ආපදා සහන කටයුතු සදහා යොදා ගැනීමට හැකියාව පවතින අතර ටර්බෝ ප්‍රොප් එන්ජින් දෙකකින් බලගන්වා තිබේ .

මෙම ගුවන් යානයට කෙටි ගුවන් ගත කිරීම් මෙන්ම හදිසි ගොඩ බැස්සවීම් කටයුතු වලද නිරත විය හැකිය .

මෙම ගුවන් යානය ශ්‍රී ලංකාවට භාර ගැනීමේ උත්සවය සදහා ශ්‍රී ලංකා ජනාධිපති රනිල් වික්‍රමසිංහ , ගුවන් හමුදාපති එයා මාර්ෂල් සුදර්ශන පතිරණ , නාවික හමුදාපති වයිස් අද්මිරාල් නිශාන්ත උළුගේතැන්න , යුධ හමුදාපති ලෙප්ටිනන් ජනරාල් විකුම් ලියනගේ සහ ඉන්දීය රජය නියෝජනය කරමින් ඉන්දීය නාවික හමුදා උප ප්‍රධානී වයිස් අද්මිරාල් සතිෂ් ගෝර්මඩේ , ශ්‍රී ලංකාවේ ඉන්දීය මහ කොමසාරිස් ගෝපාල් භාග්ලේ යන මහත්වරුන් ඇතුළු විශාල පිරිසක් සහභාගී වී සිටියහ .



Recommended Articles