ඉන්දියාවෙන් ජීප් රථ 125ක් ශ්‍රී ලංකා පොලිසියට


ඉන්දිය රජය විසින් ශ්‍රී ලංකා පොලිසියට ජීප් රථ 125ක් ලබා දීම බත්තරමුල්ල සුහුරුපාය පිහිටි මහජන ආරක්ෂක අමාත්‍යංශ රථගාලේදී සිදු කෙරිණි.

එහිදී ඉන්දියානු මහ කොමසාරිස් ගෝපාල් බාග්ලේ මහතා විසින් සංකේතාත්මකව ජීප් රථ මහජන ආරක්ෂක අමාත්‍ය ටිරාන් අලස් වෙත බාර දුන්නේය.

ඉන්දියාව විසින් ශ්‍රී ලංකා පොලිසියට ලබාදීමට නියමිත ජිප් රථ  500 ලබාදීමේ   පළමු අදියර මෙය වේ.



Recommended Articles