ඉන්දියාවට යද්දී රජිනි කාන්ත් යළිත් කටුනායක නවතී


දකුණු ඉන්දීය ජනප්‍රිය සිනමා නළු රැජිනි කාන්ත් මහතා යළිත් මාලදිවයින සිට ඊයේ (26දා) දින දහවල් කටුනායක ගුවන් තොටුපොළ වෙත පැමිණ තිබුණි.

රැජිනි කාන්ත් මහතා 26 දින දහවල් 11.20 ට මාලදිවයින සිට ශ්‍රී ලන්කන් ගුවන් සේවයේ යූ.එල්.- 102 දරන ගුවන් යානයෙන් කටුනායක ගුවන් තොටුපොළ " ගෝල්ඩ් රෑට් " විශේෂ අමුත්තන්ගේ මැදිරිය වෙත පැමිණියේය.

ඉතා උසස් අන්දමින් පිළිගැනීමට කටුනායක ගුවන් තොටුපොළ සේවිකාවන් පියවර ගෙන තිබූ අතර මද වේලාවකට පසුව ඔහු ඉන්දියාවේ චෙන්නායි බලා කටුනායක ගුවන් තොටුපොළෙන් පිටත්ව ගියේය.

රැජිනි කාන්ත් මහතා මීට පෙර දින ද මාලදිවයින බලා යන අතරතුර කටුනායක ගුවන් තොටුපොළ විශේෂ අමුත්තන්ගේ මැදිරිය වෙත පිවිස තිබුණි .



Recommended Articles