ඉන්දියාව ගුවන් සීමා පනවයි - පෞද්ගලික සේවකයන්ට නිවසේ සිට වැඩ කිරීමට උපදෙස්


කොවිඩ් 19 ව්‍යාප්තිය පාලනය කිරීම වෙනුවෙන් ඉන්දියාව ගෙන යන වැඩපිළිවෙළට සාපෙක්ෂව මාර්තු 22 දා සිට සතියක කාලයක් ජාත්‍යන්තර ගුවන් ගමන් තහනම් කිරීමට ඉන්දියාව තීරණය කර තිබේ.

ඒ අනුව විදේශීය ගුවන් යානා වෙත ඉන්දියාවට ගොඩ බැස්සවීමට අවසර නොලැබෙනු ඇත.

එසේම අත්‍යවශ්‍ය හා හදිසි සේවා වල නියුතු අය හැර පෞද්ගලික සමාගම්වල සියලුම සේවකයින් නිවසේ සිට වැඩ කළ යුතු බවත්, වයස අවුරුදු 65 ට වැඩි පුද්ගලයින්ට සහ වයස අවුරුදු 10 ට අඩු ළමයින්ට නිවසේ රැඳී සිටින ලෙසත් උපදෙස් දී තිබේ.

 



Recommended Articles