ඉන්ඩිගෝ ගුවන් සේවා ආරම්භ වේ


ඉන්දියාවේ ඉන්ඩිගෝ ගුවන් සේවය යළිත් කටුනායක බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන් තොටුපළ අතර ගුවන් ගමන් සේවා 09/10 දින සවස සිට  ආරම්භ කිරීමට පියවර ගෙන තිබේ .

ඒ අනුව පළමු ඉන්ඩිගෝ ගුවන් යානය 09/10 දින සවස 03.30 ට ඉන්දියාවේ කොචින් ජාත්‍යන්තර ගුවන් තොටුපළේ සිට කටුනායක ගුවන් තොටුපළ වෙත පැමිණ තිබේ .

මීට අමතරව තවත් ඉන්ඩිගෝ ගුවන් යානා 02 ක් ඉන්දියාවේ චෙන්නායි ජාත්‍යන්තර ගුවන් තොටුපළේ  සිට 09/10 දින රාත්‍රී කටුනායක ගුවන් තොටුපළ වෙත  පැමිණීමට නියමිතය .

එමෙන්ම 09/15 දින සිට මෙම ඉන්ඩිගෝ ගුවන් යානා ඉන්දියාවේ මුම්බායි ජාත්‍යන්තර ගුවන් තොටුපළේ සිට ද කටුනායක ගුවන් තොටුපළ වෙත පැමිණීමට නියමිතය .

එසේම ප්‍රංශයේ ජාතික ගුවන් සේවය වන " එයා ෆ්‍රාන්ස් " ගුවන් සේවය ද එළඹෙන නොවැම්බර් මස 01 දින සිට තම ගුවන් ගමන් සේවා ප්‍රංශයේ පැරිස් නුවර ජාත්‍යන්තර ගුවන් තොටුපළේ සිට මාලදිවයින හරහා කටුනායක ගුවන් තොටුපළ වෙත ආරම්භ කිරීමට පියවර ගෙන තිබේ .

මේ නිසා යුරෝපය , ඇමෙරිකා එක්සත් ජනපදය , කැනඩාව , මධ්‍යම ඇමෙරිකානු සහ දකුණු ඇමෙරිකානු රටවල් අතර ගුවන් ගමන් සේවා සදහා පහසුකම් හිමි වේ .

ප්‍රංශ ගුවන් සේවය ඇමෙරිකාවේ ඩෙල්ටා සහ වර්ජින් අත්ලන්තික් ගුවන් සේවා සමාගම් සමගද බද්ධ ව්‍යාපාරික කටයුතු වල නිරත වී සිටින නිසා මෙම ගුවන් ගමන් සේවා පහසුවෙන් සිදු කළ හැකි වී තිබේ .

ප්‍රංශ ගුවන් සේවය ශ්‍රී ලංකාවේ කටුනායක ගුවන් තොටුපළ වෙත සිදු කෙරෙන ගුවන් ගමන් සදහා නවීනතම බෝයිං 787 - 900 වර්ගයේ ගුවන් යානයක් යෙදවීමට පියවර ගෙන තිබේ . 



Recommended Articles