ඉන්චියොන් යන්න තිබූ ශ්‍රී ලන්කන් යානය කාර්මික දෝෂයකට


දකුණු කොරියාවේ ඉන්චියොන් නුවර බලා ඊ‍යේ (23දා) රාත්‍රී 08.50 ට කටුනායක ගුවන් තොටුපළෙන් පිටත්ව යාමට නියමිතව තිබූ ශ්‍රී ලන්කන් ගුවන් යානය අද උදෑසන 07.00 තෙක් ප්‍රමාද වූ බව ශ්‍රී ලන්කන් ගුවන් සේවයේ ආයතනික සන්නිවේදන අංශයේ ප්‍රකාශකවරයෙකු පැවසීය.

ශ්‍රී ලන්කන් ගුවන් සේවයේ යූ.එල්.- 470 දරන මෙම ගුවන් යානයෙන් මගීන් 46 දෙනෙකු පිටත්ව යාමට නියමිතව තිබූ අතර කටුනායක ගුවන් තොටුපළ අසළ හෝටල් වෙත යොමු කර තිබුණි.

 ගුවන් යානය කාර්මික දෝශයකට ලක් වීම , මෙම ප්‍රමාද වීමට හේතු වී ඇති බව එම ප්‍රකාශකවරයා වැඩිදුරටත් පැවසීය .



Recommended Articles