ඉදිරියේදී දරුණු මඩ ප්‍රහාරයක් එල්ල වේවි - මහින්ද


මැතිවරණය දක්වා ඉදිරි දින කිහිපය තුළ දරුණු ලෙස මඩ ප්‍රහාර එල්ල විය හැකි බව විපක්ෂනායක මහින්ද රාජපක්ෂ මහතා පැවැසීය.

මහනුවරදී මාධ්‍ය යොමුකළ ගැටලුවලට පිළිතුරු දෙමින් ඔහු මේ බව පැවැසීය.

“මැතිවරණය එනකම් මේ දවස් කිහිපය දරුණු ලෙස මඩ පහර ගසයි. අපි විශ්වාස කරන්නේ නෑ ඒ මඩ අපට වැදෙයි කියලා.

මේ අවුරුදු හතර හමාරේදී අප හදලා දුන්න රට විනාශ කළා. මේ රටේ අනාගත පරපුරට යමක් වෙන්න නම් පොහොට්ටුව ජයග්‍රහණය කරන්න ඕන.”

 



Recommended Articles