සක්‍රීය නිරිතදිග මෝසම් කාලගුණ තත්ත්වයේ බලංපෑම හේතුවෙන් බස්නාහිර සහ සබරගමුව පළාත්වලංත්, ගාල්ල, මාතර, මහනුවර සහ නුවරඑළිය දිස්ත්‍රික්කවලත් දැනට පවතින වැසි තත්ත්වයේ වැඩි වීමක් ඉදිරි දිනවලදී බලාපොරොත්තු වන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.
අද දිනයේදීත් බස්නාහිර, සබරගමුව හා වයඹ පළාත්වලත් නුවරඑළිය, මහනුවර, ගාල්ල හා මාතර දිස්ත්‍රික්කවලත් විටින් විට වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.
බස්නාහිර හා සබරගමුව පළාත්වලත් නුවරඑළිය, මහනුවර, ගාල්ල හා මාතර දිස්ත්‍රික්කවලත් ඇතැම් ස්ථානවලට මි.මී. 100 ට වැඩි තද වැසි ඇතිවිය හැකි යැයිද එම දෙපාර්තමේන්තුව පවසයි. දිවයිනේ සෙසු ප්‍රදේශයල වැසි ස්වල්පයක් ඇතිවිය හැකි බවද කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව වැඩිදුරටත් පවසයි.