ඉදිරි දින 04 තුළ කැඳවීමට නියමිත නඩු කැඳවන්නේ නෑ - අධිකරණ සේවා කොමිසම


ඉදිරි දින 04 තුළ කැඳවීමට නියමිත නඩු විවෘත අධිකරණයේ කැඳවීමක් නොකරන බව අධිකරණ සේවා කොමිසම පවසයි.

අධිකරණ සේවා කොමිසම මෙම තීරණය ගෙන ඇත්තේ, අගවිනිසුරු ජයන්ත ජයසූරිය, බුවනෙක අළුවිහාරේ සහ සිසර ද ආබෲ යන විනිසුරුවරුන් හමුවී අද පස්වරුවේ ගත් තීරණයකට අනුවය.

එම නඩු කැඳවීමේ දිනයන් අප්‍රේල් මස පළමු සතිය තුළ ඒ, ඒ අධිකරණවල රෙජිස්ටාර්වරුන් විසින් නිවේදනය කරනු ඇති බව ද අධිකරණ සේවා කොමිසම සඳහන් කළේ ය.

මේ අතර ඉදිරි දින 04 තුළ නඩු කැඳවීම් සිදුවන්නේ නම් ඒවා පාර්ශවකරුවන්ගේ ඉල්ලීම් සහ අවශ්‍යතාව මත පමණක් සිදු කිරීමට පියවර ගන්නා බව ද එම කොමිසම වැඩිදුරටත් පැවසීය.



Recommended Articles