ඉදිරි ජනාධිපතිවරණයට තරග කරන්න මම සුදානම් - වෙල්ගම


ඉදිරි ජනාධිපතිවරණයට ශි‍්‍ර ලංකා නිදහස් පක්ෂය වෙනුවෙන් තරග කිරිමට සුදානම්  බව පාර්ලිමේන්තු  මන්ති‍්‍ර කුමාර වෙල්ගම මහතා පැවසිය .

ඊයේ  (22)  මාතරදි පැවති උත්සවයකින් පසුව මාධ්‍ය අමතා ඔහු මේ  බව පැවසිය .

එහිදි අදහස් පළකල ඒ මහතා ,

‘‘ මම කියන්නේ ඉදිරි ජනාධිපතිවරණයට ශි‍්‍ර ලංකා නිදහස් පක්ෂයේ අපේක්ෂකයෙක් දාන්න ඕන , එතකොට ශි‍්‍ර ලංකා නිදහස් පක්ෂයේ හයිය බලාගන්න පුළුවන් .  ඒක තමයි මගේ මතය . ජනාධිපතිතුමා ජනාධිපතිවරණයට තරග කරනවනම්  සහයෝගය දෙන්න සියලූ දෙනා සැදි පැහැදි ඉන්නවා . එතුමා තරග කරන්නෙ නැත්නම්  පක්ෂයේ කෙනෙක් දාන්න ඕන . පක්ෂය වෙනුවෙන් ජනාධිපතිවරණයට මම ඉදිරිපත් වෙන්න සුදානම් . පොදුජන පෙරමුණ එක්ක සාකච්ජා පවත්වලා තේරුමක් නැහැ . දැන් කොයි කාලේ ඉදන්ද සාකච්ජා පවත්වන්නේ මොකටද එක එකාට දණ නමන්නේ . මේක  බණ්ඩාරනායක මහත්තයා හදපු පක්ෂය , කාටවත් දණ නමන්න ඕන  නැහැ. අපිට කෙළින් තින්දුවක් ගන්න මිනිස්සු ඉන්නවා .

අපි අන්තපරාජය වුණත් ලක්ෂ 10ට වැඩිය අපිත් එක්ක හිටියා .  ඇයි අපි බය වෙන්නේ . ඒ නිසා ශි‍්‍ර ලංකා නිදහස් පක්ෂය වෙනම තරග කල යුතුයි . මෛති‍්‍රපාල මහත්තයා තරග කරන්නෙ නැත්නම්  ඉදිරි ජනාධිපතිවරණයට ශි‍්‍ර ලංකා නිදහස් පක්ෂය වෙනුවෙන් මම තරග කරන්න සුදානම් ’’ යැයි පැවසිය .

මාතර - මහේෂ් මලවරආරච්චි

 



Recommended Articles