ඉදිකිරීම් ක්ෂේත්‍රය නගා සිටුවිමට කාර්ය සාධන බලකායක් ඉල්ලයි


ඉදිකිරීම් ක්ෂේත්‍රයේ මතුව ඇති අභියෝග සහ යෝජිත ක්‍රියාමාර්ග සම්බන්ධයෙන් සාකච්ඡාවක් ජනපති ප්‍රධානත්වයෙන්
ඉදිකිරීම් ක්ෂේත්‍රයේ මතුව ඇති අභියෝග සහ යෝජිත ඉදිරි ක්‍රියාමාර්ග සම්බන්ධයෙන් සාකච්ඡාවක් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන්  ජනාධිපති කාර්යාලයේ දී පැවැත්විණි.

පවතින ආර්ථික තත්ත්වය යටතේ ඉදිකිරීම් ක්ෂේත්‍රය මුහුණ දී ඇති ගැටළු පිළිබඳව මෙහිදී දීර්ඝ ලෙස සාකච්ඡා කෙරුණු අතර මධ්‍යම පාන්තික නිවාස ව්‍යාපෘති සහ මාර්ග ව්‍යාපෘති ඉදිකිරීමේ දී සිදුව ඇති ප්‍රමාදයන් පිළිබඳ විශේෂ අවධානය යොමු කරනු ලැබීය.

එමෙන්ම කොන්ත්‍රාත්කරුවන්, බැංකු සහ අනෙකුත් මූල්‍ය ආයතන සම්බන්ධයෙන් මතුව ඇති ගැටලු පිළිබඳව ද සාකච්ඡාවට ලක් විය.

ඉදිකිරීම් ක්ෂේත්‍රය පවත්වාගෙන යාම සහ ක්ෂේත්‍රයේ රැකියා සුරක්ෂිතතාව වෙනුවෙන් අනුගමනය කළයුතු වැඩපිළිවෙළ පිළිබඳව මෙහිදී නිලධාරීන්ගේ අවධානය යොමු කළ ජනාධිපතිවරයා ඒ පිළිබඳ වැඩිදුර සාකච්ඡා කරමින් නිර්දේශ ඉදිරිපත් කිරීමට කමිටුවක් පත් කිරීමට ද යෝජනා කළේය.

ඉදිකිරීම් ක්ෂේත්‍රය නගා සිටුවීම වෙනුවෙන් විශේෂ කාර්ය සාධක බලකායක් පිහිටුවන ලෙස ද ක්ෂේත්‍රයේ නියුතු පිරිස් ජනාධිපතිවරයාගෙන් ඉල්ලා සිටියහ.

 



Recommended Articles