ඉතාලියේදි දියේ ගිලී ලාංකික පිය පුතු ජීවිතක්ෂයට


ශ්‍රිලාංකික පවුලක සතුටු දායක දවසක් විනෝදයෙන් පිරුණු දවසක් කදුලක් වේදනාවක් බවට පත්වු පුවතක් ඊයේ 09 ඉතාලියේ පියචෙන්සා ප්‍රදේශයෙන් වාර්තා විය'

ඊයේ 09 දහවල් සිට තම පවුලේ අය හා තවත් හිතවතුන් සමග පියචෙන්සා ට්‍රෙබ්බියා ගඟ අසළ දිය නාමින් විනෝද වෙමින් සිටියදි සවස 4 ට පමණ එහි සිටි 29 හැවිරිදි දුලාජ් තිසේරා ( පුතා) ට්‍රෙබ්බියා ගගේ පිහිනමින් සිට නැවත ගොඩට නොයේම හා දකින්නට නොසිටීම නිසා එහි සිටි 59 හැවිරිදි ලෙස්ටර් තිසේරා ( පියා ) ගගට පැන තම පුතාව සෙවීමට උත්සහා කිරිමේදි ඔහුවත් ගගේ දිය වැලකට හසුව ගිලිගොස් තිබෙන බව ඉතාලි මාධ්‍ය වාර්තා කරයි.

පසුව එම ස්ථානයේ සිටි පිරිස් හදිසි ඇමතුම් අංශවලට දැනුම් දීමෙන් පසු එහි පැමිණි කිමිදුම් කරුවන් විසින් මීටර් 3 ක ගැඹුරු ස්ථානයක තිබි ශ්‍රිලාංකික පියපුතු දෙපළගේ මළ සිරුරු සොයාගත් බව ඉතාලි මාධ්‍ය වාර්තා කළේය.

චන්දන ප්‍රනාන්දු ඉතාලියේ සිට

 



Recommended Articles