ඉතාලියේ හිටපු අගමැති සිල්වියෝ බර්ලස්කෝනිත් කොවිඩ් ධනාත්මක වෙයි


ඊයේ  (03) ඉතාලියේ කොවිඩ් ආසාධිතයන් 1397 ක් සොයාගත් බව ඉතාලි සෞඛ්‍ය අමාත්‍යාංශ​ය පවසයි

ඊයේ (03) දිනයේදි ඉතාලියේ කොවිඩ් 19  මරණ 10 ක් වාර්තා වි තිබේ

ඊයේ (03) දිනය වනවිට ඉතාලියේ සමස්ත කොවිඩ් මරණ 35,507 ක් සමස්ත ආසාධිතයන් 2,72,912  ක් වාර්තා වු සෞඛ්‍ය අමාත්‍යංශ​ය පවසයි

ඊයේ (03) ඉතාලියේ PCR  පරික්ෂණ 92,790 ක් සිදු කර තිබේ         

ඉතාලියේ හිටපු අගමැතිවරයෙකු හා වත්මන් විපක්ෂයේ ප්‍රධානත​ම පක්ෂයක් වන ෆෝර්සා ඉතාලියා පක්ෂයේ නායක කෝටිපති ව්‍යාපාරි​ක සිල්වියෝ බර්ලස්කෝනි මහතා කොවිඩ් 19 පරික්ෂණය ධනාත්මක වි ඇති බවට තහවුරු වි තිබෙන බවත් 83 හැවිරිදි බර්ලස්කෝනි මහතා මේ වනවිට මිලාන් නුවර ඔහුගේ නිවසේ ස්වයං නිරෝධානයට ලක්කර ඇති බවත් ඔහුගේ තත්වය සංකිර්ණ නොවන බවද ඉතාලි සෞඛ්‍ය අමාත්‍යංශ​ය පවසයි

බර්ලස්කෝනි මහතා තෙවතාවක් ඉතාලියේ අගමැති ධුරයට පත් වි ඇති අතර ඉතාලියේ ධනවත්ම ව්‍යාපරිකයින් අතර සිටින අයෙකි                                   

චන්දන ප්‍රනාන්දු



Recommended Articles