ඉතාලියේ සිට ලාංකිකයන් පිරිසක් දිවයිනට


ශ්‍රී ලංකාව පුරා පැතිර ගිය කොරෝනා වසංගත රෝගයේ දෙවන රැල්ල නිසා,විදේශයන්හි සිටින ශ්‍රී ලාංකිකයන් කණ්ඩායම් වශයෙන් මෙරටට ගෙන්වා ගැනීමේ වැඩසටහන අත්හිටුවා තිබූ අතර , යළිත් එම වැඩසටහන ආරම්භ කරමින් , එහි  දෙවන කණ්ඩායම ලෙස ඉතාලියේ රැදී සිටි ශ්‍රී ලාංකිකයන් 116 දෙනෙකු අද දින දහවල් කටුනායක ගුවන් තොටුපළ වෙත ශ්‍රී ලන්කන් විශේෂ ගුවන් යානයකින්  රැගෙන පැමිණ තිබේ .

ඉතාලියේ , මිලාන් නගරයේ සිට ශ්‍රී ලන්කන් ගුවන් සේවයේ යූ.එල්.- 1208 දරන විශේෂ ගුවන් යානයෙන් මෙම ශ්‍රී ලාංකිකයන් පිරිස අද දහවල් 1.25ට කටුනායක ගුවන් තොටුපළ වෙත පැමිණ තිබුණි .

මෙම පිරිස කටුනායක ගුවන් තොටුපළට පැමිණීමෙන් පසුව , ගුවන් තොටුපළ තුළ ස්ථාපිත කර ඇති සෞඛ්‍ය අමාත්‍යාංශයට අයත් පී.සී.ආර්.පරීක්ෂනාගාරයේ දී එම පරීක්ෂණ සිදු කර තිබුණි .

පසුව ශ්‍රී ලංකා යුධ හමුදාව මගින් මෙම පිරිස නීරෝධායනය සදහා රැගෙන ගොස් තිබුණි

 



Recommended Articles