ඉතාලියේ ලොක්ඩවුන් ලිහිල් කල මැයි 4 සිට දින 24ක් තුළ නව ආසාදිතයින් විසිදාහක්


ඉතාලියේ පසුගිය මැයි (4)  දා ලොක්ඩවුන් තත්ත්වය ලිහිල් කිරිමෙන් අනතුරුව ඊයේ (28)  දක්වා දින 24 ක කාලය තුල කොවිඩ් රෝගීන් හදුනාගැනිමේ පරික්ෂණ 1,663,625 ක්  සිදුකර නව ආසාදිතයන් 19,794 ක් සොයාගෙන තිබෙන බව ඉතාලි සෞඛ්‍ය  අමාත්‍යාංශය  පවසයි.

ලොක්ඩවුන් තත්ත්වය ලිහිල් කිරිමෙන් අනතුරුව එම කාලයේදි  කොවිඩ් මරණ 4,063 ක් සිදුව තිබෙන බවත් සුවවීම් 67,725 වාර්ත වු බව ඉතාලි සෞඛ්‍ය  අමාත්‍යාංශය   පැවසීය.

ඊයේ (28)  දිනයේදි ඉතාලියේ  කොවිඩ් නව ආසාදිතයන් 593 ක්  මරණ 70   ක් වාර්තා වි තිබේ. 

චන්දන ප්‍රනාන්දු 

       



Recommended Articles