ඉතාලියේ වීසා බලපත් සහ ගුවන් ටිකට්පත් පෙන්වමින් රුපියල් ලක්ෂ 5 සිට ලක්ෂ 20 දක්වා දිවයිනේ විවිධ ප්‍රදේශවල පුද්ගලයන්ගෙන් මුදල් වංචාකර සුඛෝපභෝගී හෝටල්වල රැදී සිට ඇති බව පොලිස් පරීක්ෂණ වලදී අණාවරණය වී ඇතැයි පැවසේ.
කැසිනෝ ක්‍රීඩාවට දිනකට කෝටි ගණන් වැයකර ඇති සැකකරු වංචාකල මුදල් වලින් විදේශ රටවල සංචාරය කර ඇති බවත්, පෙරදින ඩුබායි රාජ්‍යයේ සිට දිවයිනට පැමිණ ඇති බවත් පොලිස් ආරංචි මාර්ග සදහන් කරයි.
කරන ලද විමර්ශන වලින් පසු ජාවාරමට සම්බන්දයෙන් තවත් සැකකරවෙකු කිරිබත්ගොඩ ප්‍රදේශයේ ප්‍රසිද්ධ හෝටලයක සැගව සිටියදී අත්අඩංගුවට ගෙන ව්‍යාජ ලියකියවිලි රැසක්ද සොයාගෙන තිබේ.
ප්‍රධාන සැකකරු අභිරහස් ජීවිතයක් ගතකරමින්, තමා සිටින ස්ථානය හදුනාගත නොහැකි වන පරිදි වට්සැප් තාක්ෂණය ඔස්සේ සූක්ෂම අන්දමින් ගනුදෙනු කර ඇති බවත් සදහන් වේ.
රූපවාහිනී සහ ගුවන් විදුලි නාලිකා කිහිපයක සේවය කර ඇති සැකකරු වෙළද දැන්වීම් සහ මේ දිනවල විකාශයවන ටෙලිනාට්‍ය සහ චිත්‍රපට වලද රගපාන ප්‍රධාන චරිතයක් බවද පැවසේ.
පානදුර සුමිත් පොතුපිටිය

