ඉතාලියේ මාස 5ට PCR පරික්ෂණ ලක්ෂ 60ක්


ඊයේ (15)  දිනය වනවිට ඉතාලියේ  සමස්ත කොවිඩ්  ආසාදිතයන් 243,506 ක් මරණ 34,997 ක් වාර්තා වන බව ඉතාලි සෞඛ්‍ය  අමාත්‍යාංශය පවසයි.                                                                                                                                                

සක්‍රීය කොවිඩ් රෝගින් 12,493 ක් දක්වා අඩු වන විට සුව වු ආසාදිතයන්ගේ සංඛ්‍යාව  196,016 දක්වා වර්ධනය වි තිබෙන බව ඉතාලි සෞඛ්‍ය  අමාත්‍යාංශය පැවසීය.

ඊයේ (15)  දිනයේදි  නව කොවිඩ්  ආසාදිතයන් 162 ක් මරණ 13 ක් වාර්තා වි තිබේ.                                                                             

ඉතාලියේ කොවිඩ් පැතිරිම ආරම්භ වු පෙබරවාරි (21)  දා සිට ඊයේ ජුලි (15) දක්වා මාස 5 ක කාලයක් තුල කොවිඩ් ආසාදිතයන් හඳුනාගැනිමේ PCR පරික්ෂණ 6,053,060 ක් සිදු කර තිබෙන බව ඉතාලි සෞඛ්‍ය  අමාත්‍යාංශය පැවසීය .  

චන්දන ප්‍රනාන්දු 

                                                                                                                                                                         



Recommended Articles