ඉතාලියේ පාසැල් 400ක සිසු සිසුවියන් දස දහසක් නිරෝධායනයට යොමු කරලා


ඉතාලියේ පාසැල් 400 ක කොවිඩ් ආසාධිත වාර්තා වීම් හේතුවෙන් සිසු සිසුවියන් දස දහසකට අධික පිරිසක් ස්වයං නිරෝධායනයට යොමුකර ඇති බවට තොරතුරු ලැබි ඇති බව ඉතාලි සෞඛ්‍ය අමාත්‍යාංශ​ය පවසයි.

මෙම සියලුම සිසු සිසුවියන් PCR පරික්ෂණයට යොමුකර දින 14 ක කාලයක් නිවෙස් වල නිරෝධායනය කෙරෙන බව ඉතාලි සෞඛ්‍ය අමාත්‍යාංශ​ය වැඩි දුරටත් පැවසීය.

එමිලියා රොමානියා හා ටොස්කානා යන පළාත්වල පාසැල් කොවිඩ් 19 දැඩි තර්ජනයට ලක්ව ඇති බවත් පාසැල් 75 ක් වසා දමා ඇති බව ඊයේ (25) ඉතාලි මාධ්‍ය වාර්තා කලේය.

ඊයේ  (25) ඉතාලියේ PCR  පරික්ෂණ 107,269 ක් සිදු කර කොවිඩ් ආසාධිතයන් 1912 ක් සොයාගත් බව ඉතාලි සෞඛ්‍ය අමාත්‍යාංශ​ය පවසයි. 

ඊයේ (25) දිනයේදි ඉතාලියේ කොවිඩ් 19  මරණ 20 ක් වාර්තා වි තිබේ.       

චන්දන ප්‍රනාන්දු



Recommended Articles