ඉතාලියේ පවුලකට දෙන යුරෝ 500 එරට ලාංකිකයන්ටත්


කොවිඩ් වසංගතය හේතුවෙන් බිඳ වැටුණු පවුලේ ආර්ථිකයට සහනයක් ලබාදීමේ අරමුණෙන් ඉතාලියේ ජූලි (01) දා සිට සංචාරක ගමනාන්තයක් හෝ නිවාඩු ගත කිරිම සඳහා යුරෝ 500 ක දිමනාවක් ලබාදීම ක්‍රියාත්මක කෙරෙන බව ඉතාලි මුදල් අමාත්‍යාංශය පවසයි.

ජූලි (01) දා සිට දෙසැම්බර් (31) දක්වා ඉතාලියේ සංචාරක ගමනාන්තයක් හො නිවාඩුවක් ගත කිරිම සඳහා භාවිත කළ හැකි බව මුදල් අමාත්‍යාංශය පවසයි.

ලංකා මුදලින් රුපියල් එක්ලක්ෂ විසිදහසක් පමණ වටිනාකමක් ඇති මෙම සහනය ඉතාලියේ නිත්‍යානුකූලව වෙසෙන එක්ලක්ෂ තිස් දහසක් පමණ වන ශ්‍රී ලාංකිකයන්ටත් හිමිව තිබේ.

ඊයේ (29) දිනය වනවිට ඉතාලියේ සමස්ත කොවිඩ් ආසාධිතයන් 2,46,776 ක් මරණ 35,129 ක් වාර්තා වන බව ඉතාලි සෞඛ්‍ය අමාත්යංශය පැවසීය.

චන්දන ප්‍රනාන්දු

 



Recommended Articles