ඉතාලියේ නාපෝලි නගරයේ සිදුවු අනතුරකින් ලාංකිකයෙකු මරුට


ඉතාලියේ නාපෝලි නගරයේ මරානෝ ප්‍රදේශයේ  සිදුවු මාර්ග අනතුරකින් ඊයේ (25)  ශ්‍රී ලාංකිකයෙකු මියගොස් තිබේ.

                                                           

මෙලෙස මියගොස් ඇත්තේ මාදම්පේ දුම්මලසූරිය ප්‍රදේශයේ  පදිංචි නාපොලි නගරයේ කලක සිට සේවය කරන රන්දික දසනායක නැමති අයෙකි.                                                                                                                                                                                                

මියගිය පුද්ගලයා පැදවු යතුරුපැදිය ආපදා රථයක ගැටි මෙම අනතුර සිදුව ඇති බව නාපෝලි නාගරික පොලිසිය පවසයි.                                                                                            

අනතුරෙන් බරපතල තුවාල ලබා සිටි ලාංකිකයාව රෝහලට රැගෙන යන විටත් මියගොස් සිටි බව රෝහල් ආරංචි මාර්ග පැවසීය.

                                                                                                               

නාපෝලි නාගරික පොලිසිය අනතුර සම්බන්ධයෙන් වැඩිදුර පරික්ෂණ සිදු කරයි.     

චන්දන ප්‍රනාන්දු 

                                                                                                

 

 

 



Recommended Articles