ඉතාලියේ දෛනික PCR පරික්ෂණ මත දෛනික කොවිඩ් ආසාධිතයන්ගේ අඩු වැඩි වීම්


කොවිඩ් 19 එරෙහි තරඟය ඉතා අසීරු හා අමාරු එකක් වුනත් ඉතාලිය එයට හොදින් මුහුණදෙමින් සිටින බැවින් එය ජයගත හැකි බවසෞඛ්‍ය ඇමති රොබැර්තො ස්පෙරන්සා මහතා ඊයේ (17) පාර්ලිමේතුවේදි පැවසීය

පසුගිය සති දෙක තුල කොවිඩ් ආසාධිත හා PCR පරික්ෂණ දත්ත විශ්ලේශණය කිරිමේදි සිදු කෙරෙන PCR පරික්ෂණ දෛනික අගයන් මත කොවිඩ් ආසාධිතයන්ගේ දෛනික අගයන් අඩු වැඩිවීමක් පෙන්නුම් කරන බව ඉතාලි සෞඛ්‍ය විශේශඥයන් පෙන්වා දෙයි                                                 

මෙම දත්ත තුලින් ඉතාලි සමාජය තුල රෝග ලක්ෂණ නොපෙන්වන කොවිඩ් ආසාධිතයන් විශාල පිරිසක් සිටින බව පැහැදිලි හෙයින් ජනතාව කොවිඩ් සම්බන්ධයෙන් අවදානය හා ආරක්ෂාවීම කිසිසේත්  අඩු නොකල යුතු බව සෞඛ්‍ය විශේශඥයන් වැඩි දුරටත් පෙන්වා දෙයි                                                  ඊයේ  (17) ඉතාලියේ PCR  පරික්ෂණ 101,773 ක් සිදු කර කොවිඩ් ආසාධිතයන් 1585 ක් සොයාගත් බව ඉතාලි සෞඛ්‍ය අමාත්‍යාංශ​ය පවසයි    

ඊයේ (17) දිනයේදි ඉතාලියේ කොවිඩ් 19  මරණ 13 ක් වාර්තා වි තිබේ         

චන්දන ප්‍රනාන්දු

                                                                                                                                                                                                    



Recommended Articles