ඉතාලියේ කෝවිඩ් මියගිය අයගෙන් සියයට 96 වෙනත් රෝගවලට ප්‍රතිකාර ගනිමින් සිටි අය


ඉතාලියේ කෝවිඩ් 19 ආසාදිත වි මියගිය සමස්ත පිරිසෙන් 60.9‍% ක් පිරිමි පාර්ශවයත් 30.1‍%  කාන්තා පාර්ශවයත්  වන බව ඉතාලි සෞඛ්‍ය අමාත්‍යාංශය පවසයි.

එමෙන්ම මියගිය පිරිසේ වයස් සාමාන්‍ය අගය අවුරුදු 80 ක් වන බවත් එම මියගිය පිරිසෙන් 59.9‍%  ක්ම කාලයක සිට රෝග 3 ටත් 21.3% රෝග දෙකකට 15%  ක් එක් රෝගයකටත් ප‍්‍රතිකාර ගත් අය බවත් 3.9% ක් කිසිදු රෝගයක්  නොතිබු අය බවට තහවුරු වි තිබෙන බව සෞඛ්‍ය අමාත්‍යාංශය පැවසීය.

මෙම මියගිය පිරිසෙන් බහුතරය 52.3‍%  ලොම්බාර්දියා ප‍්‍රාන්තයෙන්ද 13.4% එමිලියා රොමානියා ප‍්‍රාන්තයෙන්ද 7.8‍%  පියමොන්තේ ප‍්‍රාන්තයෙන්ද වෙනෙතෝ ප‍්‍රාන්තයෙන්ද 5.7ක් ලෙස වාර්තා වු බව  ඉතාලි සෞඛ්‍ය අමාත්‍යාංශය   පැවසීය.

චන්දන ප්‍රනාන්දු 

                                                                            



Recommended Articles