ඉතාලියෙත් කොවිඩ් 19 ආසාදිත වර්ධනයක් හේතුවෙන් ගමක් අගුලු දමයි


ඉතාලියේ දෛනික කොවිඩ් 19 ආසාදිතයන් ඊයේ ^24& දිනයේදි ඉහළ ගිය අතර සති 2 ක කාලයක් තුල 23% ක වැඩිවීමක් තිබෙන බව ඉතාලි සෞඛ්‍්‍ ය අමාත්‍යාංශය පවසයි.

එමෙන්ම කම්පානියා පළාතේ ඈවලිනෝ ප්‍රදේශයේ  ස්පෙරොනේ ගම්මානය කොවිඩ්  ආසාදිතයන්ගේ වර්ධනයක් හේතුවෙන් සති 2ක කාලයක් සඳහා අගුලු දැමු බව ඉතාලි සෞඛ්‍්‍ ය අමාත්‍යාංශය  පවසයි.

ඉතාලියේ දෙවන කොවිඩ් රැල්ලෙන් අගුලු දැමු පළමු ගම්මානය මෙය බව ඉතාලි මාධ්‍ය වැඩිදුරටත් වාර්තා කලේය.                                                                                                                                                                                        

ඊයේ  (24)  ඉතාලියේ PCR  පරික්ෂණ 10,819 ක් සිදු කර කොවිඩ් ආසාදිතයන් 1,786 ක් සොයාගත් බව ඉතාලි සෞඛ්‍්‍ ය අමාත්‍යාංශය පවසයි.

ඊයේ (24)  දිනයේදි ඉතාලියේ කොවිඩ් 19 මරණ 23 ක් වාර්තා වි තිබේ.   

චන්දන ප්‍රනාන්දු 

                                                                                                                                                                                                                                                                                                           



Recommended Articles