ඉතාලිය පෙන්වා මුදල් ගැරූ කත දැලේ


ඉතාලියේ රැකියා ලබාදෙන බව පවසා රුපියල් ලක්ෂ 26ක් වංචා කළ කාන්තාවක් ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ විශේෂ විමර්ශන අංශයේ නිළධාරීන් විසින් 2026.03.14 දින අත්අඩංගුවට ගෙන තිබේ.

මහනුවර ප්‍රදේශයේ පදිංචි කාන්තාවක් විසින් ඉතාලියේ රැකියා ලබාදෙන බව පවසා මුදල් ලබාගෙන පොරොන්දු වූ පරිදි රැකියා ලබානොදුන් බවට කාර්යාංශයට පැමිණිලි 5ක් ලැබී තිබුණි. ඒ අනුව අදාළ සැකකාරිය අත්අඩංගුවට ගැනීම සඳහා විමර්ශන නිළධාරීන් කිහිපවරක් උත්සහා කලද ඇය, ලිපිනයන් වෙනස් කර තිබීම හේතුවෙන් අදාළ කාන්තාව පිළිබඳ තොරතුරු සොයාගැනීමට නොහැකි විය. ඒ අතර අදාල තැනැත්තිය මහනුවර, කීර්ති ශ්‍රී රාජසිංහ මාවත ප්‍රදේශයේ රැඳි සිටින බවට ලද තොරතුරක් අනුව කාර්යාංශ විමර්ශන නිළධාරීන් විසින් මහනුවර පොලිස් ස්ථානයේද සහයෝගය ලබාගනිමින් අවුරුදු 49 වියැති අදාළ සැකකාරිය අත්අඩංගුවට ගන්නා ලදී.

අත්අඩංගුවට ගත් සැකකාරිය මහනුවර මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමෙන් අනතුරුව මාර්තු මස 19 දින දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කිරීමට මහේත්‍රාත්වරයා නියෝග කළේය.

මෙම වැටලීම සඳහා කාර්යාංශ විශේෂ විමර්ශන ඒකකයේ ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක පී.බී.ආරියසිංහ මහතාගේ උපදෙස් පරිදි නීති ක්‍රියාත්මක කිරීමේ නිළධාරී එම්.කේ.සුමනවීර, පී.බී.දසනායක, මදුශාන් විජේවර්ධන, මහීෂ කොඩිප්පිලිආරච්චි, දමයන්ති, ගයේෂා සුභාෂණි යන නිළධාරීන් සහභාගී විය.



Recommended Articles