ඉතාලි පාසල් තුළ කොරෝනා පාලනයට විධිමත් වැඩපිළිවෙලක් ඉල්ලා සිසුහු විරෝධතාවක


කොවිඩ් 19 වසංගත අවදානම මැද පසුගිය සැප්තැම්බර් මස 14 දා ආරම්භ වු ඉතාලියේ නව පාසැල් වර්ෂය සති දෙකක කාලයක් ගතවන විට දිනෙන් දින පාසැල් ආශ්‍රිතව කොවිඩ්  19 ආසාදිත වාර්තා වීම් හේතුවෙන් විවේචන දෝෂාරෝපණ හා චෝදනා මැද ඉතාලි දේශපාලනය මෙන්ම පාසැල් පද්ධතියද උණුසුම් වෙමින් පවති.

කොවිඩ් වසංගතයෙන් පාසැල් අනාරක්ෂිත වීම හා කොවිඩ් 19 වසංගතයට මුහුණ දීම සඳහා පාසැල් සඳහා අවශ්‍ය  පහසුකම් ලබා නොදීම හා එම පහසුකම් ප්‍රමාද වීම සම්බන්ධයෙන් රජයට විරෝධය දැක්වීමේ උද්ඝෝෂණ මාලාවක් මිලාන් නගරයේ සිට ආරම්භ විය.

උසස් පෙළ සිසුන්ගේ සංවිධානයෙන් ආරම්භ වු මෙම විරෝධතාවට ගුරුවරුන් පාසැල් කාර්ය මණ්ඩලය මෙන්ම දෙමාපියන්ද එක්ව සිටි අතර ඔවුන්ගේ ප්‍රධානතම ඉල්ලීම වුයේ පාසැල කොවිඩ්  වසංගතයෙන් සුරක්ෂිත ස්ථානයක් කරලීමට සියලු පහසුකම් ඉක්මනින් ලබා දෙන ලෙසයි.

ඊයේ  (26) ඉතාලියේ PCR  පරික්ෂණ 104,387 ක් සිදු කර කොවිඩ් ආසාදිතයන් 1,869 ක් සොයාගත් බව ඉතාලි සෞඛ්‍ය  අමාත්‍යාංශය පවසයි.

ඊයේ (26)  දිනයේදි ඉතාලියේ කොවිඩ් 19  මරණ 17 ක් වාර්තා වි තිබේ.   

චන්දන ප්‍රනාන්දු 

                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                       

 

 

 

 

 



Recommended Articles