ඉඩම් ආරවුලකට පියාට පොල්ලකින් පහරදී ඝාතනය කළ පුතා


ඉකුත් 04 වන දින ඉඩමක් සම්බන්ධයෙන් සිය පියා සමග බහින්බස් වු පුත්‍රයෙකු යකඩ පොල්ලකින් පියාගේ හිසට පහර දී ඇත.

එහිදී බරපතල තුවාල ලැබූ පියා කොළඹ ජාතික රෝහලේ දැඩිසත්කාර ඒකකයේ ප්‍රතිකාර ලබමින් සිටියදී 06 දින මරණයට පත් වී ඇති බව පොලීසිය පවසයි.

පුතාගේ පොලු පහරින් මියගිය ගොස් ඇත්තේ පාපැදි අළුත් වැඩියා කිරීම රැකියාව වශයෙන් කරගෙන ගිය 24/51 යූනියන් කාබයිට් පෙදෙස අඩි හැට පහර ඒකල ජා-ඇල පදිංචි එස්. ඒ. ධනපාල (69) නැමැති අයෙකි. පහර දුන් පුතා නිවසින් බැහැර ගොස් ඇති අතර ඔහුව අත් අඩංගුවට ගැනීමට ජා-ඇල පොලිසිය විමර්ශන කටයුතු ආරම්භ කර තිබේ.

ප්‍රසංග පෙරේරා



Recommended Articles