ඇෆ්ගන් ගුවන් තොටුපොළේ කලබල


ඇෆ්ගනිස්ථාන ජාත්‍යන්තර ගුවන් තොටුපල තුළ ඇතිව තිබෙන නොසන්සුන්කාරී තත්ත්වය හේතුවෙන් පුද්ගලයන් 5ක් අවම වශයෙන් ජීවිතක්ෂයට පත්ව ඇති බව ජාත්‍යන්තර මාධ්‍ය වාර්තා කරයි.

ඇෆ්ගන් ගුවන්තොටුපොළ තුළ පවතින ගුවන්යානා හරහා විදේස් රටවලට පැන යාමට බොහෝ පිරිසක් උත්සා කිරීම හේතුවෙන් මෙම තත්ත්වය ඇතිව තිබේ.

ඇමෙරිකානු පුරවැසියන් හා විදේශීය ජාතියන් රැගෙන යාම වෙනුවෙන් පැමිණි ඇමෙරිකානු ගුවන් යානයකට ඇෆ්ගන් වැසියන් ගොඩවීමට උත්සාහ කිරීම හේතුවෙන් දැඩි නොසන්දුන් තත්ත්වයක්ද නිර්මාණය විය.

මේ අතර එහි නවතා ඇති ඇතැම් ගුවන් යානා වල පිටත පවා ඇෆ්ගන් වැසියන් ගොඩවී සිටින අයුරු දක්නට ලැබුණි.



Recommended Articles