ඇහැලකණුවේ මීටර් 100ක ප්‍රපාතයකට විදේශිකයෙකු ඇදවැටෙයි


රත්නපුර ශ්‍රි පාද මාර්ගයේ ඇහැලකණුව ප්‍රදේශයේදි ආරක්ෂිත වැටෙන් ඉවතට වැටි මිටර් 100ක  පමණ ප්‍රපාතයට ඇද වැටි සිටි ඉන්දිය ජාතික තරුණයෙකු ඉන් මුදවාගෙන ප්‍රතිකාර ලබා දි රෝහල් ගත කිරිමට මස්කෙලිය පොලිස් විශේෂ කාර්ය බලකායේ නිලධාරින් පියවර ගෙන ඇත.

මෙසේ තුවාල ලබා ඇත්තේ ඉන්දියාවේ මුම්බායි මහාරාට්‍රහි පදිංචි 25 හැවිරි තරුණයෙකි.

මෙම තරුණයා තවත් පිරිසක් සමග රත්නපුර ශ්‍රි පාද මාර්ගය ඔස්සේ ශ්‍රි පාද උඩ මළුව වෙත ගමන්කරන අතර තුර අද  (29) දින අලුයම 4ට පමණ මෙම සිදුවීම වී ඇත.

සිදුවිම සම්බන්ධයෙන් ශ්‍රි පාද උඩ මළුව පොලිස් මුරපොලේ නිලධාරින් පොලිස් විශේෂ කාර්ය බලකායේ නිලධාරින් දැනුවත් කිරිමෙන් පසු වහාම ක්‍රියාත්මක වු පොලිස් විශේෂ කාර්ය බලකායේ නිලධාරින් දැඩි පරිශ්‍රමයක් දරා ප්‍රපාතයට වැටි සිටි තරුණයා ඉන් මුදවාගෙන ශ්‍රි පාද උඩ මළුව වෙත රැගෙන ගොස් ප්‍රතිකාර ඒකකයෙන් ප්‍රතිකාර ලබා දි ඇත.

සිද්ධිය සම්බන්ධයෙන් නල්ලතන්නිය පොලිස් ස්ථානය දැනුවත් කර තුවාලකරු සමග ඉන්දියාවේ සිට ශ්‍රි පාදයේ පැමිණි පිරිස සමග රෝහල් ගත කිරිමට නල්ලතන්නිය දක්වා රැගෙන යාමට කටයුතු කර ඇත.

හැටන් රංජිත් රාජපක්ෂ



Recommended Articles