ඇසළ පෙරහර පරිශ්‍රයට සැකකටයුතු ලෙස ඇතුළුවීමට උත්සාහ කළ පියෙක් හා දියණියක් අල්ලයි


මහනුවර ඓතිහාසික ඇසළ පෙරහර මංගල්‍ය පැවැත්වෙන පරිශ්‍රයට බෝතලයක දමාගත් ඇසිඩ් වැනි ද්‍රාවණයක් පිහියක් සහ කරාටේ ක්‍රීඩාවේදී යොදා ගන්නා නංචක්කුවක් අතැතිව ඇතුළු වීමට උත්සාහ කළ පුද්ගලයකු අත්අඩංගුවට ගෙන තිබේ.

පෙරහර මාර්ගයේ යටිනුවර හන්දියේ මාර්ගබාදකයේ පෙරහර මාර්ගයට ඇතුළුවන්නන්ගේ ශරීර පරීක්ෂාව සිදු කරමින් සිටි පොලිස් නිලධාරීන්ට එම සැක කටයුතු පුද්ගලයා හමුව තිබේ.

ඔහුගෙන් සිදුකළ ප්‍රශ්න කිරීම්වලදී ඔහු සමග පැමිණි ඔහුගේ දියණියට තර්ජන ඇති බැවින් එම භාණ්ඩ රැගෙන ආ බව පවසා ඇති බව පොලිසිය කියයි.

එම සැකකටයුතු පුද්ගලයා සහ ඔහුගේ දියණිය පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන තිබේ.



Recommended Articles