ඇසට මිරිස්කුඩු ගසා තියුණු ආයුධයකින් පහරදී සැමියා ඝාතන කළ බිරිඳ


සිය සැමියාගේ ඇසට මිරිස් කුඩු ගසා පසුව තියුණු ආයුධයකින් පහරදී තම සැමියා ඝාතනය කළ සැකකාරියක් අත්අඩංගුවට ගත් බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය පවසයි.

ඊයේ සවස් කාලයේදී මෙම ඝාතනය සිදුව තිබේ. මුලින්ම සැමියා හා බිරිඳ අතර ඇතිවූ ආරවුලක් හේතුවෙන් සැමියා විසින් බිරිඳට යකඩ පෙල්ලකින් හා යකඩ දම්වැලකින් පහරදී ඇත.

පසුව බිරිඳ මිරිස් කුඩු ගසා මෙම ඝාතනය සිදුකර තිබේ. මියගොස් ඇත්තේ අවුරුදු 38ක් සැමියා වන අතර අවුරුදු 36ක් වන බිරිඳ අත්අඩංගුවට ගෙන තිබේ.



Recommended Articles