ඇල්ලේ ගින්න නිවිමට යුද හමුදාවේත් සහාය


ඇල්ල , රාවණාඇල්ල රක්ෂිතයේ  ඇල්ල රොක් නමැති ප්‍රදේශයේ ඊයේ   (22)  දා සිට පැතිර යන ගින්න අද  (23) දිනයේද ව්‍යාප්ත වෙමින් තිබිණ .

ගින්න පාලනය කිරිම සඳහා ගුවන් හමුදාව සහ යුද  හමුදාව ද යොදවා ඇතැයි  ආපදා කළමනාකර  බදුල්ල දිස්ත්‍රික් සහකාර අධ්‍යක්ෂ ඊ.එල්.එම් . උදයකුමාර මහතා පැවසීය .

දැඩි සුළං හා ගින්න පැතිර යන ස්ථානයක ළගාවීමේ දුෂ්කරතාවය නිසා ගින්න නිවිමට බාධා ඇති විය .

වනයේ  සතුන් හා දුලභ ශාක වර්ගද මෙම ගින්නට හසුව ඇතැයි පරිසරවේදීහු පවසති .

රාවණාඇල්ල  දිය ඇල්ල පිහිටියේද මේ කලාපයේය .

මෙම ගිනි තැබිම වාර්ෂිකව සිදුවන අතර ජල උල්පත් සිදීයාම ගල්කුට්ට් කඩා වැටිම වැනි පාරිසරික විනාශයන්ද සිදු වෙයි.

 



Recommended Articles