ඇල්ල වැල්ලවාය මාර්ගය 02 කණුව අසලදී (22) වෙනිදා උදෑසන වැල්ලවාය දෙසට ගමන් කරමින් තිබූ වෑන් රථයක් පෙරළී අනතුරක් සිදුවී ඇත.
මෙම වෑන් රථය ඇල්ල සිට වැල්ලවාය දක්වා ගමන් කරමින් සිටියදී කාන්තාවක් විසින් ධාවනය කරන ලද ත්‍රීවීල් රථයක් මාර්ගය හරහා එක වරම හරවා ඇති අතර ඒ සමඟම වෑන් රථයේ වේගය අඩුකිරීමට තිරිංග යෙදීමත් සමඟ පෙරළී ඇත.
අනතුර සිදුකරන අවස්ථාවේ වෑන් රථයේ තරුණයින් තිදෙනෙකු සිට ඇති අතර ඔවුන්ට කිසිදු හානියක් සිදුවී නොමැත.
වෑන් රථයට පමණක් අලාභ හානි සිදුවී තිබේ. වැල්ලවාය පොලීසිය පරීක්ෂණ පවත්වයි.
මොනරාගල සුමනසිරි ගුණතිලක